Malware
අනිෂ්ට මෘදුකාංග ( Malicious Software )
අන්තර්ජාලය හරහා අවසර නොලැබූ පාර්ශ්වයකට පෞද්ගලික දත්ත යැවීම සිදුකරයි. මේවා බාධාකාරී පරිගණක මෘදුකාංගයකන් ලෙසින් හැසිරෙයි.
Malware වර්ග කිහිපයක් පහතින් දැක්වේ.
- Worms ( වර්ම්ස් )
- Trojan Horse ( ට්‍රෝජන් අශ්වයා )
- Spyware ( ඔත්තු බැලීමේ මෘදුකාංග )
- Adware ( අනවශ්‍ය දැන්වීම් )
- Hacker ( අනවසර දත්ත කොල්ලකරුවා )
- Dialer ( අංක කරකවන්නා )
- Spam ( අයාචිත තැපෑල )
Worms
මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්‌වයං පිටපත් වීමේ හැකියාවක් ඇති පරිගණක වැඩසටහන් මෙලෙස හැදින්වේ.
සාමාන්‍යයෙන් වෛරසයක පැවැත්ම සදහා ධාරක වැඩසටහනක් (Host programme) පැවතිය යුතු වුවත් මෙය සදහා ධාරක වැඩසටහනක් අවශ්‍ය නොවේ. එනම් මේවා ගොනු ලෙසින් පවතින නිසාවෙනි.
විශේෂයෙන්ම පරිගණක ජාලවලදී වර්ම්ස් ඉක්මනින්ම පැතිරයන අතර මේනිසා සිදුවියහැකි හානිදායක තත්ත්වය බරපතල වියහැක..
Trojan Horse
ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙසින් දකින්නට ලැබෙන නමුත් විනාශකාරී ක්‍රියා සිදුකරන පරිගණක වැඩසටහන් Trojan Horse යන නමින් හැදින්වේ.
Spyware
පරිගණකයේ ස්ථාපනයවී පරිගණකයේ තොරතුරු පිටතට ලබාදීමට කටුතු කරන වැඩසටහන් Spyware යන නමින් හැදින්වේ. අන්තර්ජාලය සමග සම්බන්දතාවය පවත්වාගෙන වැඩ කටයුතු කරනවිට තමන්ගේ පෞද්ගලික දත්තයන් වෙනත් අයට සම්ප්‍රේෂණය කිරීම මේවා මගින් සිදුකරයි.
Adware
අන්තර්ජාලයේ සැරිසරන විටදී පරිගණක තිරය මත දිගින්දිගටම අනවශ්‍ය දැන්වීම් දර්ශනය වීමයි.මේ නිසා හානිදායක දෙයක් සිදුනොවේ.නමුත් මේ නිසා තමන් බලාපොරොත්තු නොවන දේ කෙරෙහි සිත යොමුවීමෙන් අනවශ්‍ය දැන්වීම් වල තොරතුරු සෙවීමට පෙළබේ.එමගින් කාලය නාස්ති වීම සිදුවේ..
Hacker
යම් පරිගනකයක තිබෙන්නා වූ දත්ත හා තොරතුරු වෙනත් කෙනෙකු අදාල පරිගණකයේ අයිතිකරුගේ අවසරයෙන් තොරව ලබාගැනීම..
Dialer
යම් පරිගණකයකින් වෙනයම් පුද්ගලයෙකුග් පරිගණකයකට අදාලව විශේෂ දුරකථන අංකයක් කරකැවීමට යොමුකිරිම සිදුවේ. මේ නිසා එම පුද්ගලයාට අනවශ්‍ය බිලක් ගෙවීමට සිදුවීමත් සාමාන්‍ය කටයුතු සදහා දුරකථනය භාවිත කිරීමට නොහැකි වීමත් සිදුවෙයි. මෙය අදාල වන්නේ මොඩම භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසෙන පරිගණක සදහා පමණි..
Spam






No comments:
Post a Comment